ඩෙංගු රෝගින් 59000 ඉක්මවයි, වැඩිම බස්නාහිරින්


වසරේ ගතවූ කාලසීමාව තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,000 ඉක්මවා ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 59,638 කි.

වැඩිම රෝගීන් ප්‍රමාණයක වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම පළාතෙන් පමණක් රෝගීන් 31,249 ක් වාර්තා වී තිබේ. මීට අමතරව, දකුණු පළාතෙන් රෝගීන් 9,507 ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,172 ක් ලෙස ඉහළ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

 



Recommended Articles