ඩෙංගු රෝගයෙන් සරසවි සිසුවියක් ජිවිතක්ෂයට


ඩෙංගු රෝගය හේතුවෙන් මාතර වැලිගම ප‍්‍රදේශයේ සරසවි සිසුවියක ජිවිතක්ෂයට පත්ව ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රකාශකයකු පැවසිය .

මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම මහවිදිය ප‍්‍රදේශයේ පදිංචි හෝමාගම හරිත සරසවියේ උපාධිය හදාරමින් සිටි ප‍්‍රශානි වත්සලා (26)  නමැති සිසුවියකි .

ඇය වැලිගම සුමංගල බාලිකා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනයෙන් පසුව උසස් පෙළ විභාගයෙන් සමත්ව හෝමාගම හරිත සරසවියට ඇතුලත්ව අවසන් වසරේ  අධ්‍යාපනය ලැබු සිසුවියකි .

මෙම වසරේ  වැලිගම නගරයේ පමණක් ඩෙංගු රෝගින් 100 ට අධික ප‍්‍රමාණයක් වාර්තා වි ඇති අතර මියගිය සිසුවියගේ නිවසේ සහ අසල්වැසි නිවෙස්වල ඩෙංගු  රෝගින් සිටින බවටද වාර්තා වේ .

ප‍්‍රදේශවාසින් ඉල්ලා සිටින්නෙ මෙම තත්ත්වය පාලනය කිරිමට යම්  වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන ලෙසත්ය .



Recommended Articles