ඩෙංගු යළි හිස එසවිමේ අවදානමක්


ඩෙංගු රෝගින් වාර්තා විම මේ වන විට යළිත් ඉහළ යමින් පවතින බවට සෞඛ්‍ය  අංශ අනතුරු අඟවයි.

මේ වසරේ ගෙවුණු මාස 7ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගින් 10,356 දෙනෙකු වාර්තා වි ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඉන් වැඩිම රෝගින් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 2,983කි.

මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 1,397ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1,078ක් ඩෙංගු රෝගින් වාර්තා වෙයි.

මේ තත්ත්වය ඉදිරියේදි වර්ධනය විය හැකි බවට අනතුරු අඟවයි.



Recommended Articles