ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9ක් හඳුනා ගැනේ


ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9 ක් හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍යය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර , කුරුණෑගල, මහනුවර, මාතර , රත්නපුර, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානයකින් යුතුව කටයුතු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය පවසා සිටියි.



Recommended Articles