ඩුබායි හි සිරවී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකුගෙන් යුතු පිරිසක් , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වී , යළිත් මෙරටට පැමිණීමට නොහැකිව එරට රැදී සිටියදී , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම පිරිස මේ ආකාරයට රැකියා සදහා ගොස් එම රටවල් අසරණ වී , යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින පිරිස් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගන්නා වැඩසටහන සටහන යටතේ මෙසේ රැගෙන විත් තිබුණි .

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද දින උදෑසන 07.08 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1510 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ පැමිණි පිරිස අතරින් වැඩි පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටි කාන්තාවන් වූහ .

ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබේ .

 



Recommended Articles