ඩුබායි සිටි අපරාධකරුවන් තිදෙනෙක් ගෙනෙයි, කාන්තාවකුත් ඒ අතර


 ඩුබායි හි සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සදහා අවශ්‍යව කාන්තාවක , විශේෂ පොලිස් නිලධාරීවරුන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන 01/16 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

ඔවුන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ 01/16 දින අලුයම 05.20 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

ඔවුන් අතර 52 හැවිරිදි  රවීන් චමින්ද වීරසිංහ නොහොත් පුංචා නැමති ඇල්පිටිය , ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

අනෙක් පුද්ගලයා කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර නොහොත් චූටි මල්ලී නැමැත්තා වන අතර කදාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසු වන්නෙකි .

 මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම , කප්පම් ගැනීම , මංකොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සදහා චෝදනා ලැබූවන් වේ .

 මීට අමතරව මුදල් වංචා කිරීමක් සම්බන්ධ පොලිස් විමර්ශන සදහා අත්‍යාවශ්‍යව සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි හේවා කසකාරගේ රුජා නිශාමනී ද සිල්වා ද මෙසේ අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

ඔවුන් තිදෙනා 01/16 දින උදෑසන 06.50 ට රවීන් චමින්ද  බස්නාහිර උතුර පෑලියගොඩ  කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට , රසික සංජීව ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට සහ නිශාමනී ද සිල්වා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන කාර්යාලය වෙත දැඩි ආරක්ෂක රැකවල් යටතේ රැගෙන යාමට පියවර ගෙන තිබුණි. 



Recommended Articles