ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් 193 දෙනෙකු දිවයිනට


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 193 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඩුබායි සිට අද (30) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් යානයෙන් පැමිණෙන ගුවන් මගීන් අතුරින් වැඩි පිරිසක් , එරට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් වේ .

ඩුබායි සිට ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන මෙම  විශේෂ ගුවන් යානය  අද දින රාත්‍රී 6.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස , එහිදී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි.



Recommended Articles