ඩුබායි සිට ලාංකිකයන් පිරිසක් මත්තල ගුවන් තොටුපළට


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 400 දෙනෙකු අද  දින සවස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන විශේෂ  ගුවන් යානයෙන් මෙම පිරිස අද  දින සවස 4.50 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

වැඩිහිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 393 දෙනෙකු සහ කුඩා දරුවන් 07 දෙනෙකු මෙම ගුවන් යානයෙන් පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් සියලු දෙනා මත්තල ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ .



Recommended Articles