ඩුබායි සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 420 දෙනෙකු ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ශ්‍රී ලාංකිකයන් අතරින් වැඩි පිරිසක් එරට රැකියා සදහා ගොස් සිටි ගෘහ සේවිකාවන් බවට තොරතුරු වාර්තා වේ .

මෙම පිරිස අද දින සවස 3.23 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 2528 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ වලට භාජනය කිරීම සිදු කෙරුණි .

 



Recommended Articles