ඩුබායි සිට ලාංකිකයන් 306 දෙනෙකු දිවයිනට


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි මෙරටට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 306 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම පිරිස , මෙසේ විදේශ රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට රැගෙන ඒමේ වැඩසටහන යටතේ රැගෙන විත් තිබුණි .

ඔවුන් අද දින අලුයම 3.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේ ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස , නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් , රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ .

 



Recommended Articles