ඩුබායි සිට ලාංකිකයන් 289ක් දිවයිනට


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි සියරට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු අද දින අලුයම ඩුබායි සිට  කටුනායක ගුවන් තොටුපළ වෙත , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස එසේ විදේශ රටවල රැදී සිටින පිරිස් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ , ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන  වැඩසටහන යටතේ මෙසේ රැගෙන විත් තිබුණි .

මොවුන් අද දින අලුයම 5.20 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස නීරෝධායන කටයුතු සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් , රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කර තිබුණි .

 



Recommended Articles