ඩුබායි සිට ලාංකිකයන් 288ක් දිවයිනට


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී සිය හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී ශ්‍රී ලංකාවට යළිත් පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු අද දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙසේ රැගෙන පැමිණ තිබුණි .

මෙම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට පිරිස අද දින අලුයම 5.55 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස , නොමිලේ ගුවන් තොටුපළ වෛද්‍ය රසායනාගාරය මගින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කෙරුණි .

ඉන් අනතුරුව මෙම පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් , නීරෝධායනය සදහා රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ .

 



Recommended Articles