ගනේමුල්ල පොලිස් වසමේ ඉඹුල්ගොඩ අමුණුගොඩ ප්‍ර දේශයේ දෙමහල් නිවසකට කිසියම් පිරිසක් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඊයේ රාත්‍රී සිදුවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් නිවසේ ඉහළ මහලේ ජනේලයට හා ආරක්ෂිත යකඩ වැටට අලාභ හානි සිදුව ඇති අතර කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැත.
මෙම නිවසේ අයිතිකරු දැනට ඩුබායි හි වීසා නිලධාරියෙක් ලෙස සේවය කරන බවත් ඔහු විසින් සංවිධානාත්මක අපරාධකරුවන් විසා සැකසීමේදී ඇතිව තිබූ එකඟතාවයකට එරෙහිවීම මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට මේ වන විට තොරතුරුඅණාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ විමර්ශන කණ්ඩායම් තුනක් පරික්ෂණ පවත්වන බවද පොලීසිය පවසයි.