ඩීසල් හා බොරතෙල් ආනයනය දිගු කාලීන කොන්ත්‍රාත්


ඩීසල් හා බොරතෙල් ආනයනය කිරිම වෙනුවෙන් දිගු කාලීන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව 2022-03-01 සිට 2022-10-31 දක්වා මාස අටක කාලයක් සඳහා ඩීසල් (උපරිම සල්ෆ ප්‍රතිශතය 0.05)ආනයනය කිරීමේ දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව කොරල් එනර්ජි ආයතනය වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මීට අමතරව 2022-06-01 සිට 2022-12-31 දා දක්වා මාස හතක කාලයක් සඳහා බොරතෙල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොල් එනර්ජි ඩී.එම්.සී.සී. සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

 



Recommended Articles