ඩීසල් ලීටර් 3800ක් තබාගත් රියදුරු බවුසරයත් සමග අත්අඩංගුවට


ගෝනවල පුදේශයේ අනවසරයෙන්  බවුසරයක  ඩීසල් හා පෙට්රල් තබා ගෙන සිටි  රියදුරකු එම බවුසරයත් සමග  ගෝනහේන විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්  ඊයේ (07දා) පස්වරුවේ  අත්අඩංගුවට ගෙන ඇත . 

මෙම බවුසරයේ  ඩීසල්  ලීටර් 3800 ක්  හා බැරල් එකක  පෙට්රල් ලීටර් 180 ක් ද  තිබිණි. මේ සම්බන්ධව වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා බවුසරය සමග රියදුරු සපුගස්කන්ද පොලිසියට භාර දී තිබේ. 

අත්අඩංගුවට ගත් රියදුරු  අහංගම පුදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

මල්වාන ඩබ්ලිව් ඩී ඵමි විතානගේ / දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති



Recommended Articles