ඩීසල් මිලදී ගන්න ජපන් යෙන් බිලියන 5ක ප්‍රදානයක්


අත්‍යාවශ්‍ය සේවා හා ප්‍රවාහන පහසුකම් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය සැපයුම් පද්ධතිය නවීකරණය කිරීම වෙනුවෙන් ජපාන ආර්ථික හා සමාජ සංවර්ඡන වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාව වෙත ජපන් යෙන් බිලියන 5ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 38) ප්‍රධානයක් ලෙස ලබාදිමට නියමිතව තිබේ.

මේ සඳහා ජපන් රජයේ ඒකඟතාව ප්‍රකාශ කර තිබේ. වර්ධතමා අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය හා හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවන් තහවුරු කිරීම වෙනුවෙන් ඉන්ධන (ප්‍රධාන වශයෙන් ඩීසල්) සැපයීම වෙනුවෙන් මෙම ප්‍රධානය ලබාදෙනු ඇත.



Recommended Articles