ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමට ගිය මුදල පියවයි


ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ගිනි ගැනිමට ලක්වූ එම්.ටී.  නිව් ඩයමන්ඩ් බොර තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න නිවා දැමීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට දැරීමට සිදුවූ රුපියල් මිලියන 442ක මුදල එම නෞකාව හිමි සමාගම විසින් රජයට ගෙවා තිබේ.

කෙසේ වෙතත් මෙම මුදලට එම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධතියට සිදුවූ හානියට වන්දි මුදල් තවම ගෙවා නොමැත.

ගින්න නිවීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දැරීමට සිදුවූ මුදල ලෙස රුපියල් මිලියන 442ක් ගෙවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අදාළ නෞකාව හිමි සමාගමේ නීතිඥවරුන්ට දන්වා තිබුණි.



Recommended Articles