ඩයනාට නොතීසි


රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා නීතිඥ අසිල් ෆාරිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට දෙසැම්බර් මස 12දා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කරනු ලැබීය.

එදිනට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය පිළිබඳ සියලු ලිපි ලේඛන අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළේය.



Recommended Articles