රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර ඇත්නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (9දා) අධිකරණයේ දී සඳහන් කළේය.
ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (09දා) කැඳවූ අවස්ථාවේ දී ඉදිරිපත්වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මේ බව පැවසීය.