ඩඩ්ලි විශ්‍රාම ගැනීමට යයි - උණවටුන අරලිය හෝටලය අවසන් ව්‍යාපෘතියලු


උණවටුන ඉදිවන තරුපහේ අරලිය හෝටලය තමන්ගේ අවසන් ව්‍යාපෘතිය බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

එම හෝටලයේ නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් සඳහන් කර ඇතතේ "අතිශය කාර්‍යබහුල ව්‍යාපාර ජීවිතයෙන් අත්මිඳී, විශ්‍රාම ගැනීමට පෙරාතුව මා විසින් නිමකරන අවසන් ව්‍යාපෘතිය වන මෙමඟින් ප්‍රදේශයේ පවුල් දහස් ගණනකට සෙත සැළසෙන අතර නොබෝ දිනකින්ම මෙය විවෘත වන බව සතුටින් දන්වා සිටිමි" යනුවෙනි.



Recommended Articles