ට්‍රැෆික් නිලධාරියාව රථයට යට කළ පුද්ගලයා රිමාන්ඩ්


වත්තල, හේකිත්ත හන්දියේ ඊයේ (22දා) පෙරවරුවේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු හප්පා තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 35 හැවිරිදි ව්‍යාපාරිකයා වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (23දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.
 
තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.
  
අනතුර සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති ව්‍යාපාරිකයා සිය මෝටර් රථයෙන් ජාඇල සිට කොටහේන ප‍්‍රදේශයට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

රථය පදවන විට තමාට නින්ද ගිය බවත්, එහිදී මෙම අනතුර සිදුවූ බවත් ප‍්‍රශ්න කිරීමේදී ව්‍යාපාරිකයා පැවසූ බව පොලිසිය පවසයි.

 අදාළ පොලිස් නිලධාරියා අනතුරට ලක්වන ආකාරය සීසීටීවී කැමරාවක සටහන් වී තිබේ.



Recommended Articles