ට්‍රම්ප්,ෂී හා පුටින් මුහුණට මුහුණ හමුවකට


ඩොනල්ඩ් ට්‍රම්ප්, ව්ලැඩිමීර් පුටින් සහ ෂී ජින්පිං යන නායකයින් ලබන සතියේ චීනයේ පැවැත්වෙන සමුළුවකට සමගාමීව හමුවීමට සැලසුම් කරමින් සිටින බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපදය, රුසියාව සහ චීනය යන රටවල නායකයින් අතර සිදුවන මෙම ඓතිහාසික හමුව, චීනයේ දකුණු දිග නගරයක් වන ෂෙන්සෙන් (Shenzhen) හි පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුවට ට්‍රම්ප් සහභාගී වන අවස්ථාවේදී සිදුවනු ඇතැයි ප්‍රකාශිකා ඔලිවියා වේල්ස් මාධ්‍යවේදීන් හමුවේ පැවසුවාය.

ලොව විශාලතම න්‍යෂ්ටික බලවතුන්ගේ මෙම හමුවේදී ඉරානය පිළිබඳව ද සාකච්ඡා වීමට ඉඩ ඇති නමුත්, යුක්රේනය පිළිබඳව සාකච්ඡා නොවනු ඇතැයි වාර්තා වේ. 

 



Recommended Articles