ඥානසාර හිමිට පැනවූ තවත් සිර දඩුවමක් තහවුරු වෙයි


ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කළේය.

අදාළ දඬුවමින් තමන් වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ඉවත දමමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.



Recommended Articles