ජෝර්දානයේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජෝර්දානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 285 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (14දා) අලුයම අම්මාන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම ගුවන් යානයෙන් පැමිණි වැඩි පිරිසක් ජෝර්දානයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් වෙයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.1506 දරණ මෙම විශේෂ ගුවන් යානය අලුයම 4.00 ට ජෝර්දානයේ අම්මාන් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ව්‍යාපාරික පංතියේ ආසන වල17 දෙනෙකු ද, පිරිමැසුම්දායක පංතියේ ආසන වල 268 දෙනෙකු ද වශයෙන් මෙම ගුවන් යානය තුළ මගීන් පිරිස අසුන් ගෙන පැමිණ  තිබුණි.

මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ ස්ථාපිත කර ඇති වෛද්‍ය රසායනාගාරය වෙත යොමු කර පී.සී.ආර්.පරීක්ෂණ සිදු කරනු ලැබීය.



Recommended Articles