ජොනී හා මහින්දානන්ද රජයේ මුදල් කාරක සභාවට


නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කොට තිබේ.

ඒ අනුව විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු,  ශෙහාන් සේමසිංහ,  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, (වෛද්‍ය) සීතා අරඹේපොල,  (ආචාර්ය) සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ,  දුමින්ද දිසානායක, ගරු නිමල් ලාන්සා,  යූ. කේ. සුමිත් උඩුකුඹුර,  ඉසුරු දොඩන්ගොඩ,  නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත,  එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන,  නීතිඥ මධුර විතානගේ,(මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාජිකයන් ලෙස නම් කොට තිබේ.



Recommended Articles