ජොනී පිටව ගිය පසු CIDය අසළ උණුසුම් තත්ත්වයක්


අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය පහ හමාරක පමණ ප්‍රකාශයක් ලබාදිමෙන් අනතුරු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය. 

ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ පටන් පිරිසක් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස සඳහන් කරමින් විරෝධතාවක් පවත්වමින් සිටියේය.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා එම දෙපාර්තමේන්තුවෙන් පිටව යෑමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය. තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට කැඳවීය. 



Recommended Articles