ජූනි මස 02 වෙනිදා සිට රුපියල් 5,000 යළිත්


ජූනි මස 02 වෙනිදා සිට රුපියල් 5,000 ලබා දීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කර සිටියි.

රජයෙන් යම් දීමනාවක් ලබන අයෙක් සිටි නම් ඔවුන්ගේ ආදායම රුපියල් 5000 අඩුයි නම්, එම දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ​ය.

 එමෙන්ම කොවිඩ් තත්ත්වය හමුවේ සහ පනවා ඇති සංචරණ සීමා නිසා ආදායම් මාර්ග අහිමි වුවන්ටද මෙම රුපියල් 5,000 දීමනාව ලබා දීමටද කටයුතු කරන බව​ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.



Recommended Articles