ජුලි මාසයේදී වාහන ආනයනයට ඩො.මි. 180ක් වැය කරලා


පුද්ගලික රථවාහන ආනයන කිරිම සදහා මෙම වර්ෂයේ (2026) ජුලි මාසයේ දි ඇමරිකානු ඩොලර්මිලියන 180.2ක මුදලක් වැය වි ඇති අතර එය ඉකුත් වර්ෂයේ (2025) ජුලි මාසයට සාපේක්ෂව සියයට 23.7ක වැඩිවිමක් බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති  වාර්තාවක සදහන් වේ.

2025 වර්ෂයේ ජුලි මාසයේ දි පුද්ගලික රථවාහන  ආනයනය කිරිම සදහා  ඇමරිකානු ඩොලර් මිලියන  145.7ක මුදලක් වැය වි ඇත. කෙසේවුවද  මෙම වර්ෂයේ  (2026) මුල්මාස  හත  තුලදි  පුද්ගලික රථවාහන ආනයනය කිරිම සදහා වැයකොට ඇති  මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1,152.3කි.එය ඉකුත් වර්ෂයේ (2025) මෙම කාලසිමාවට වඩා සියයට 127.7ක වැඩිවිමක් බව මහබැංකු වාර්තාවේ සදහන් වේ.

 ඉකුත් වර්ෂයේ  මුල්මාස හත තුලදි  (2025) පුද්ගලික රථවාහන ආනයනය කිරිම සදහා  ඇමරිකානු ඩොලර් මිලියන  506.1ක මුදලක් වැයකොට තිබුණි.රජය විසින් වාහන ආනයන බදු මත පනවා තිබූ 50%ක අධිභාරය (Surcharge) ලබන දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කිරීම හේතුවෙන් මෙරට වෙළඳපොළේ වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස්  ඇත. මැයි මස 15 න් පසුව විවෘත කරන ලද ණයවර ලිපි (LC) යටතේ ලංකාවට ආනයනය කළ වාහන නිදහස් කරගැනීම ආරම්භ වී ඇති නිසා මෙම මිල වැඩිවීම සෘජුවම වෙළඳපොළට බලපා ඇති බව වාහන  අලෙවිකරුවන් පෙන්වාදෙති



Recommended Articles