ජුලි 2 – 15 දක්වා වැඩිම මැතිවරණ ප්‍රචාරණ වියදම SJB


මහ මැතිවරණයට අදාළව ජුලි 02 දා සිට 15 දා දක්වා ඒ ඒ පක්ෂ මැතිවරණය වෙනුවෙන් සිදුකර ඇති ඇස්තමේන්තු ගත වියදම පිළිබඳව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම කාලය තුළ වැඩිම ඇස්තමේන්තුගත වියදමක් දරා ඇත්තේ සමගි ජන බලවේගයයි. එය මිලියන 185කි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිටින අතර එම අගය මිලියන 151කි.

තෙවැනි ස්ථානයේ පසුවන එක්සත් ජාතික පක්ෂයේ වියදම රුපියල් මිලියන 123කි. ඉන් අනතුරුව පිළිවෙළින් ජාතික ජන බලවේගය මිලියන 36ක්, අපේ ජන බල පක්ෂය මිලියන 13ක් හා ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය මිලියන 5ක්, ඉලංකෛයි තමිල් අරුස කච්චි මිලියනයක් වශයෙන් මුදල් වෙන්කර තිබේ.



Recommended Articles