ජුනි මාසයට තෙල් ගන්න ඇඩොමි 554ක් ඕන


2022 ජුනි මාසය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පෙට්‍රෝලියම් නිෂ්පාදන අවශ්‍යතාව සම්පූර්න කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 554ක අවශ්‍යතාවක් පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

අද උදෑසන මහ බැංකු අධිපතිවරයා හා පැවැති සාකච්ඡාවකදි මේ පිළිබඳව අවධානය යොමුකළ බව අමාත්‍යවරයා පවසයි.

මෙම විදේශ විනිමය අවශ්‍යතාවෙන් ඩොලර් මිලියන 100ක් දැනට පවතින ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගැනීමට නියමිතය. එසේම ඉන්දියාවෙන් ලබාගැනීමට නියමිතව ඇති නව ඩොලර් මිලියන 500ක ණය  පහසුකම පිළිබඳවද සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

 



Recommended Articles