ජීවී ගෝනුස්සන් 200ක් සමග චීන ජාතිකයෙක් අත්අඩංගුවට


ජීවී ගෝනුස්සන් 200ක් සමග චීන ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

කටුනායකින් චීනය බලා පිටත්ව යෑමට උත්සාහ කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අවුරුදු 30ක් වන චීන ජාතිකයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ ගමන් මල්ලක තිබී මෙම ගොනුස්සන් සොයාගෙන තිබේ.

ගෝනුස්සන් ශ්‍රී ලංකාවෙන් බැහැරට රැගෙන යෑම තහනම් කර තිබේ.

 



Recommended Articles