ජීව පතුරම්,ගුවන් යානා නාශක දඹුලු ඔයෙන් හමුවෙයි


දඹුල්ල උළුකැටවැව ප්‍රදේශයේ දඹුලු ඔයේ තිබූ පිස්තෝල සඳහා භාවිතා කරන ජිව පතුරම් හයක් සහ ගුවන් යානා නාශක පතුරම් දෙකක් ඊයේ  (07) පස්වරුවේ  සොයා ගත් බව ගල්කිරියාගම පොලීසිය පවසයි.

පුද්ගලයෙකු විසින් ඔයට ගිය අවස්ථාවේ මෙම උණ්ඩ සහිත පාර්සලය දැක  පොලීසියට ලබා දුන් තොරතුරක් මත ගල්කිරියාගම පොලීසිය මෙම පතුරම් සොයා ගෙන තිබේ.

මේවා කවුරුන් විසින් ගෙනවිත් දමන්නට ඇති බවත් සොයා ගත් පිස්තෝල උණ්ඩ අලුත්ම ඒවා බව පොලීසිය කියයි .

ගුවන්යානා උණ්ඩ දෙක පුපුරවා හරිම සඳහා සුදානම් කර තිබු දෙකක් බව එම උණ්ඩ පැරණි ඒවා බව පොලීසිය කියයි .

ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වති.

දඹුල්ල- කාංචන ආරියදාස



Recommended Articles