ජින්තුපිටියේ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට ළමුන් දෙදෙනෙකුට තුවාල


වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍ර දේශයේදී ඊයේ රාත්‍රී සිදුව ඇති වෙඩි තැබිමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් ළමුන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. මිය ගිය පුද්ගලයා අවුරුදු 44ක් වන කොළඹ 13 පදිංචිකරුවෙක් වෙයි.

අවුරුදු 4ක පිරිමි දරුවෙක් හා අවුරුදු 3ක ගැහැණු දරුවෙක් මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා තිබේ. දරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් කණ්ඩායම් දෙකක් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ.



Recommended Articles