ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එහි අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන තවදුරටත් දෙසැම්බර් මස 01 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියම කළේය.
එසේම මෙම සිද්ධියට අදාළව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරයේ සිටියේ නම් ඔහුද එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
එසේම විමර්ශනවල ප්‍රගතියද දෙසැම්බර් මස 01 දාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියම කළේය.

