ජානක වක්කුඹුරට තවත් රාජ්‍ය අමාත්‍යධුරයක්


පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ මහතා විසින් මීට පෙර දරන ලද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව මෙම නව පත් කිරීම සිදු කර තිබේ.

දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.



Recommended Articles