ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පතට අදාළව පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී විශේෂ සංශෝධන කීපයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (29) දැනුම් දුන්නේය.
ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝන බව සඳහන් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවරා ඇති නඩුව කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂන් මහතා එසේ දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අර්ජුන ඔබේසේකර” මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේරේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණී.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවරා ඇති පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.
ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝන බව සඳහන් කරන පෙත්සම්කාර ආයතනය එම පනත සම්මත කරගැනීමට විශේෂ බහුතරය සහ ජනමත විචාරණයකට යොමු කරන ලෙස ඉල්ලා ඇත.
පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේවරන් මහතා කරුණු දක්වමින් ජාතික විගණන පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී විශේෂ සංශෝධන කිහිපයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බැවින් අදාළ පෙත්සම විභාගය සිකුරාදාට කල් තබන්නැයි ඉල්ලා සිටියේය.
පෙත්සම්කාර ආයතන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා කරුණු දක්වමින් තමන් ඊට එකඟ වනන්නේ යැයි පැවසීය.
කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අගෝස්තු පළමුවැනිදා දක්වා කල් තැබීණි”
පෙත්සම්කාර ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වෙනුවෙන් නීතිඥ තුෂාරි ජයවර්ධන මහත්මියගේ උපදෙස් මත නීතිඥ තීලිණි විතාන මහත්මිය සමඟ ජනාධිපත ිනීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටියේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.