ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සැපයිමේ වෙනසක්


ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර ඇතුළු අනෙකුත් සියලුම ශාඛාවන් මගින් හෙට (16) දිනයේ සිට සේවා සැපයීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත්කර තිබේ. 

ඒ අනුව ඉන් පෙන්වා දෙන්නේ හෙට දිනයේ සිට සේවා සපයන්නේ කෙටි අංක 225ට ඇමතීම මගින් හෝ E-channelling සේවාව මගින් වේලාවන් වෙන්කර ගත් සේවාලාභීන් සඳහා පමණක් බවය.

කෙසේවෙතත් අධිකරණය මගින් යොමුකරන රියදුරන්ගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා සේවා සැපයීම සීමාවකින් තොරව ලබාදෙන බවද සඳහන් කරයි.

 



Recommended Articles