ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි ආරම්භ වෙයි


කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි ආරම්භ කර ති​බේ.

ඒ අනුව ලබන 4 වැනිදා සිට සෞඛ්‍යාරාක්ෂිත ක්‍රමවේද යටතේ එහි සේවා යළි ආරම්භ වනු ඇත.

සේවා ලබා ගැනීම සඳහා ජංගම දුරකථන ජාලයකින් 225, ස්ථාවර දුරකථන මගින් 1225 අමතා , නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඊ – චැනලින් යෙදුම මගින් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසා සිටියි.

 



Recommended Articles