ජාතික ජල සම්පාදන සේවකයන්ගෙන් කොවිඩ් අරමුදලට මිලියන 15ක්


ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයෝ සිය දිනක වැටුප එක්කොට රුපියල් මිලියන 15ක මුදලක්, ඉටුකම කොවිඩ් - 19 අරමුදල සඳහා අද 2020.10.19 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අගමැතිට භාර දුන්හ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සියලුම කාර්යය මණ්ඩලය හා කළමනාකාරීත්වය නියෝජනය කරමින් ඊට අදාළ චෙක්පත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත පිළිගැන්වූයේය.

ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයින් 7500 ක් දායකත්වය දක්වා තිබේ.


මෙවැනි තවත් උණුසුම් පුවත් එසැණින් දැන ගැනීමට ADA  Whatsapp / Viber / Telegram  Group එක හා මෙතනින් එකතු වන්න 

Whatsapp - click here Viber - click here Telegram - click here



Recommended Articles