වර්තමානය වන විට ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව දැඩි අන්දමින් පිරිහීමට ලක්ව ඇති බව සහ එයට හේතුව ජාතික ආරක්‍ෂාව පිළිබඳවගකිවයුතු මැති ඇමතිවරුන් සහ බලධාරීන් කිසිදු පල පුරුද්දකින් තොර වූ අය බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ (30) සවස නුවරඑළිය රාගල ප්‍රදේශයේ ජනතාව සමග සුහද හමුවකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වැඩිදුර අදහස් දැක්වූ ඔහු මෙසේද කීය, "වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ දේශපාලනික ව්‍යාකූල තාවයක් දැඩි ලෙසවතිනවා මෙවැනි ව්‍යාකූල තත්ත්වයක් තුළ දේශපාලනය කරනකොට අත්දැකීම් අවශ්‍ය වෙනවා.
දේශපාලනයෙන් මුහුපුරා ගිය අයට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලාංකීය දේශපාලන යට සිදුවන්නේ මොකක්ද කියලා ,
යට සිදුවන දේ හරියට තේරුම් ගත්තනම් තමයි මෙම ව්‍යාකූල තත්ත්වයට හරි විසදුම් හොයන්නට පුළුවන් වෙන්නේ ,
සර්වජන බලය හැටියට අපි මුල ඉඳන් පාර්ලිමේන්තු තර්ක කරන්නේ කරන්නේ මෙම දේශපාලන ව්‍යාකූල තත්ත්වය සහ ජාතික ආරක්ෂාව මෙන්ම මහජන ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද කියන එක ,
සර්වචන බලයට ශක්තියක් වෙන හොඳම ආසනයක් තමයි නුවරඑළිය බලපනේ කියලා කියන්නේ එහි ජනතාවගේ ඉල්ලීම මතයි මෙම තනතුර පත් කරගන්නට කටයුතු කලා ,
නුවරඑළිය වලපනේ ආසනයට සර්වචන බලය නියෝජනය කරමින් සංවිධායකවරයෙක් පත්කර ගන්නටත් අපට වුවමනාවක් තිබුනා ඒ අනුව අද අපි හිටපු විදුහල්පතිවරයෙක් වගේම වෘත්තීය සමිති අර හා මහජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න කටයුතු කළ සමාජ ක්‍රියාකාරිකයෙක් වන ජයරත්න වඩුගේ මහතා පත් කරගන්නට අපි අඩ කටයුතු කළා ,
සංවිධායක ධුරය ලබා දෙන පුද්ගලයා වටිනා පුද්ගලයෙක් නිසාවෙන් නුවරඑළිය වලපනේට හොයාගෙනම ඇවිල්ලා පත්වීමට අදාල ලියුම දුන්න එක තමයි විශේෂම දේ අද සිදුවුන."
ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය


