ජාතික ආණ්ඩුවට සහාය දක්වන SLFP මන්ත්‍රීන්ට විනය ක්‍රියාමාර්ග


යෝජිත ජාතික ආණ්ඩුවට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

අද (05දා) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. ඒ අනුව ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ගෙන එන යෝජනා සඳහා පාර්ලිමේන්තුව තුළ විරුද්ධව ඡන්දය භාවිත කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.



Recommended Articles