ශ්‍රී ලංකාව තුළ කටුනායක , රත්මලාන , මත්තල , යාපනය සහ මඩකලපුව යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ක්‍රියාත්මක වෙමින් පවතී .
එනිසා මෙම ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ මෙවැනි සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් ගුවනේ යැවීම තුලින් ගුවන් යානා වලට බලපෑම් ඇති වී ඒවායේ ගමන් ගන්නා මගීන්ගේ ජීවිත සහ දේපොළ අවදානමකට ලක් විය හැකි බැව් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙම නිවේදනය මගින් පෙන්වා දී තිබේ .
මෙම දැනුවත් කිරීමට එරෙහිව මෙම ප්‍රදේශ තුළ සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් ගුවනේ යැවීම සිදු කළ හොත් ඔවුන්ට එරෙහිව පවතින නීති රාමුව තුළ නීතිමය පියවර ගන්නා බව ද ගුවන් තොටුපොළ සමාගම වැඩිදුරටත් නිවේදනය කර සිටී .
එහෙත් ශ්‍රී ලංකාවේ මෙම අගෝස්තු මාසය , කුඩා ළමුන් සරුංගල් යැවීම සදහා භාවිතා කරන කාළය වී තිබේ.

