ජාත්‍යන්තර ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ලංකාවට පදක්කම් 19ක්


මැලේසියාවේ පැවති 22 වැනි අන්තර්ජාතික විද්‍යා - ගණිත ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වයස අවුරුදු 13 න් පහළ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන  මෙරට ශිෂ්‍ය කණ්ඩායම , එහිදී රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 15 ක් දිනා ගෙන 10/10 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ජාත්‍යන්තර ඔලිම්පියාඩ් සංවිධානය විසින් සංවිධානය කළ  මෙම තරගාවලිය ලෝකයේ රටවල් 31 ක විද්‍යා සහ ගණිත ක්ෂේත්‍රයේ ශිෂ්‍ය තරගකරුවන් 744 දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 10/04 දින සිට 10/09 දින දක්වා මැලේසියාවේ , කෙඩා නුවර පවත්වා තිබුණි.

 ශ්‍රී ලංකාව පුරා පාසැල් අතර කළාප , කොට්ඨාශ , පළාත් සහ ජාතික මට්ටමින් තරග පවත්වා , විද්‍යා අංශයට සහ ගණිත අංශයට සිසුන් 12 බැගින් 24 දෙනෙකු තෝරා ගෙන මෙම තරගාවලියට යොමු කර තිබුණි .

මෙහිදී විද්‍යා අංශය නියෝජනය කළ තරග කළ සිසුන් 12 දෙනා රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 08 ක් වශයෙන් , සියලුම සිසුන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .

එසේම ශ්‍රී ලංකාව රටක් වශයෙන් සහභාගී වූ කණ්ඩායම් තරගයෙන් සිව් වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණි .

මෙම ජයග්‍රාහී සිසුන් පිරිස 10/10 දින පස්වරු 04.05 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා සහ ගණිත විෂය අධ්‍යක්ෂවරුන් පිරිසක් ද , එම සිසුන්ගේ දෙමාපියන් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.



Recommended Articles