ජාජබ විරෝධතාවට ආපු අපේක්ෂකයෙක් මරුට


ජාතික ජනබලවේගය විසින් ඊයේ (26) කොළඹ පැවති විරෝධතා පෙළපාලියට පොලිසිය එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාර වලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ නිවිතිගල පදිංචි නිමල් අමරසිරි (60) නමැති පුද්ගලයකු වන අතර ඔහු නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙකි.

 



Recommended Articles