ජාජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබූ සැකකරුවෙකු අත්අඩංගුවට


ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර ප්‍රදේශයේ දී  මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

පසුගිය 16 වැනිදා  පොලිස් ආරක්ෂාව යොදා තිබියදී මෙම වෙඩි තැබීම සිදු කළ අතර, පසුව ඒ පිළිබඳ පොලිස් විමර්ශනයක් ආරම්භ කෙරිණි.



Recommended Articles