ජා ඇළදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි


ජා ඇළ වැලිගම්පිටියේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. අද (30දා) මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබූ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා නොවන බවත් කඳාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය  පවසයි.



Recommended Articles