ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොවිඩ්


ජා-ඇල ප්‍රදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා පවසයි.

කොරෝනා ආසාදනය වු සභාපතිවරයා හා එහි සේවකයන් දස දෙනකු ප්‍රතිකාර සදහා බිංගිරිය නිරෝධායන මධ්‍යස්ථානය ට යොමු කර ඇති අතර, සභාතිවරයාගේ ආශ්‍රිතයන් සියළුම දෙනා ඔවුන්ගේ නිවාස තුළ ස්වයං නිරෝධායනයට යොමු කල බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසා සිටියේය.

ජා-ඇල ප්‍රසංග පෙරේරා/ කදාණ රුක්මන්



Recommended Articles