ජලභීතිකාවෙන් දෙහැවැරිදි දියණියක් මරුට


 " වියරු වැටී  දුවගෙන ආ බල්ලෙක්  මිදුලේ සිටි දුවගේ  බෙල්ලට කඩා පැන්නා. දුව බිම වැටුණා. මම දුවගෙන ගිහින් දුවව ඔසවා ගත්තා. දුවගේ බෙල්ල ප්‍රදේශයේ සීරීම් තුවාල සහ මුහුණේ  දත් පහරක් වැදී තිබුණා. "

 ජල භීතිකා රෝගය වැලඳී ඇති බවට නිකවැරටිය මූලික රෝහලේදී මරණයට පත් වූ  දෙහැවිරිදි දැරිය ගේ  මරණ පරීක්ෂණයේදී  24 දා  සාක්ෂි දෙමින් ,දැරිය ගේ මව වන වාරියපොල ,කනත්තේවැව ,පාතමුල්ල ලිපිනයේ  එන්.එම්. සුදේශිකා හේරත්. (24)  යන  අය මෙසේ පැවසුවාය.

වාරියපොල ,කනත්තේවැව ,පාතමුල්ල  ,ලිපිනයේ  හුමන්සා  ඔෂිනි රත්නායක (02)  දැරිය.නිකවැරටිය මූලික රෝහලේදී  ජල භීතිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්ව තිබුණි .

නිකවැරටිය හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා විසින් නිකවැරටිය මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂණය සිදු කළේය.වැඩිදුරටත් සාක්ෂි ලබා දුන් සුදේශිකා හේරත් මෙසේද පැවසුවාය .

 "පදිංචිය පාතමුල්ල කනත්තේවැව , වාරියපොල . මම විවාහ වී සිටින්නේ  දිනේෂ් කුමාර රත්නායක  (26) සමගයි.මියගොස් සිටින්නේ අපේ එකම දියණියයි. අපි මීට  මාස  තුනකට පමණ කලින් වාරියපොල නාවින්න  පාරේ පිහිටි පිහිටි අක්කර 56 ක වත්තක නැවතී එහි මුර රැකියාව කරමින් මුර ගෙයක  පදිංචි සිටියදීයි  ඉකුත්  03 දා   දුව බල්ලාගේ සපා කෑමට ලක් වුණේ.

සැප්තැම්බර් 03 දා දහවල් 1.00ට පමණ මම පොල් ලෙලි ගසමින් සිටියා. මහත්තයා කෑම කමින් සිටියා. දුවත් මිදුලේ හිටියා. එක් වරම කඩා  වැදුන බල්ලෙක් දුවගේ බෙල්ලට පැන්නා. දුව බිම වැටුනා.මම දුවගෙන ගිහින් දුව ඔසවා ගත්තා. බල්ලා මටත් කන්න පැන්නා. ගෙදර බල්ලටත් කෑවා. මහත්තයා ඒ බල්ලට හැහුවත් ඌ පාර කාගෙනම පැනලා ගියා. පිස්සු බල්ලෙක් කියා අපි සැකකලා.

දුවගේ කණ ලඟ සීරීම් තුවාල සහ මුහුණේ දත් පහරක් වැදී තිබුණා.  මම 04 දා උදේ වාරියපොල රෝහලට බෙහෙත් විදින්න ගියා. එහේ අදාල බෙහෙත් නැති බව කීවා.පසුව නිකවැරටිය රෝහලට ඇවිත් දුවට බෙහෙත් විද ගත්තා. ඊට පසුව නැවත 07 දා සහ  11  දාත් නිකවැරටිය රෝහලෙන්  බෙහෙත් විද්දා , ඊලඟ බෙහෙත  19/04 දා විදින්න නියමිතව තිබුණා. මේඅතර.තුර ගෙදර සිටි බල්ලාත් මිය ගියා.

බෙහෙත් විදින අතරතුර  දුවගේ හැසිරීම වෙනස් වෙන්න ගත්තා.කෑම කන්න හොර වුනා. අමුතු විදියට කෑගැහුවා. බිම තියන බත් ඇට අහුලන් කෑවා. 18 වෙනිදා දුවට උණ වමනය හැදනා. පසුව මම වාරියපොල රෝහලෙන් සහ කොළඹගම ඩිස්පෙන්සරියෙන්  බෙහෙත් ගත්තා. ඒත් අඩුවක් වුනේ නෑ. දුවගේ  බෙල්ල කඩා වැටෙන්න  ගත්තා. පසුව. 21  දා නිකවැරටිය රෝහලට ගෙනාව. දුවව අංක  04  වාට්ටුවේ නතර කලා. පහුවෙනිදා  ජල භීතිකා රෝගය වැලඳී ඇති බවට දුවව වෙන්කර තබා.දිගටම  ප්‍රතිකාර ලබා දුන්නා. 23 දා දුව  මිය ගියා."

ජල භීතිකා රෝගය වැලඳී මිය ගිය බවට වූ  දැරිය ගේ සිරුර පිළිබඳව මරණ පරීක්ෂණය සිදු කල. නිකවැරටිය රෝහල් අධිකරණ විශේෂඥ වෛද්‍ය එම් සිද්ධික්  මහතා  දැරියේ මොලයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකල  බවට  වාර්තා කලේය. වෛද්‍ය වාර්තාවට සහ ලැබුණ සාක්ෂි අනුව   නිගමනය කිරීම ඉදිරියට කල් තබනු ලැබීය.

ප්‍රියාණි මංගලිකා



Recommended Articles