ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට ඇතුළු වු 10ක් රිමාන්ඩ්


බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධි ලෙස ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට ඇතුළු වුවැයි කියන සැකකරුවන් 10 දෙනෙකු මේ මස 24 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි පොළොන්නරුව දිසා මහේස්ත්‍රාත් හර්ෂණ දනුෂ්ක රත්නායක මහතා නියෝග කළේය.

09.18 දින රාත්‍රී කාලයේ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පුදුර්,දෙමෝදර ප්‍රදේශයේ පිරිසක් රැඳි සිටින බවට වනජිවි නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගැනිමට යාමේදි නිලධාරින්ගෙන් අතමිදි එම පිරිස පැමිණි වාහන වලින් පළාගිය බවට වනජිවි නිලධාරින් විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.



Recommended Articles