ජල සැපයුම අවහිර වෙයි


බෙදා හැරීමේ නළ පද්ධතියේ ඇතිව තිබෙන දෝෂයක් හේතුවෙන් ඇතැම් ප්‍ර දේශවලට ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ අනුව හිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය, රත්මලාන, කොළඹ 5 සහ කොළඹ 6, බත්තරමුල්ල, පැලවත්ත, උඩුමුල්ල සහ හිඹුටාන යන ප්‍රදේශවලට අද (18) රාත්‍රී සිට පැය 24 ක කාලයකට ජල සැපයුම අත්හිටුවීීමට නියමිතය.

කොළඹ 4 ප්‍රදේශයට ජල සැපයුම ද අඩු පීඩනයකින් ලැබෙන බව ද ජල සම්පාදන මන්ඩලය වැඩි දුරටත් නිවේදනය කරයි.  

 



Recommended Articles